Head Phone නම් ඉතිං solo ගේම් තමා. Ear-bud නම් හෙන ගේමක් දීලා දෙන්නෙක්ට පාවිච්චි කරන්න පුලුවං. ඒත් ඉතිං ස්ටීරියෝ කාගෙන් හරි ඉල්ල ගන්න වෙනවා
Portable speakers සාමාන්‍ය Speaker වලින් වෙනස් වන ගුණාංග කීපයක්ම තිබෙනවා. අපි දන්නවා සාමාන්‍ය ස්පීකර් කට්ටලයකට පිටින් විදුලි බලය ලබා දෙන්න ඕනා. ගොඩක් වෙලාවට ගෘහස්ථ විදුලිය බාවිතයෙන් තමා මේවා බලය සපයා ගන්නේ. නමුත් portable speakers මීට වඩා වෙනස් වෙනවා. ඒවා සම්බන්ධ වන උපකරණයෙන් හෝ Speaker ඇතුලත සවි කල හැකි බැටරි මාර්ගයෙන් එහි Amp එකට බලය ලබාගන්නවා. සාමාන්‍යයෙන් පරිගණකයට සම්බන්ධ වන Portable speaker බලය ලබාගන්නේ USB කනෙක්ටර් එක හරහායි.
ඒ වගේම ස්පීකර වල ප්‍රමාණය සලකද්දි සාපේක්ෂව කුඩායි. Portable කියලා තඩි බෆල් ජෝඩුවක් කරේ තියං යන්න බෑනෙ
පහත දැක්වෙන්නේ ජංගම දුරකතන හා mp3 player සඳහා Portable speakers බාවිතා වන ආකාරයයි. මේකෙ phone එකට සෙට් කරලා තියෙන පොඩ් පෙට්ටියේ තමයි Audio Amplifire එක තියෙන්නේ.
Portable speakers වල තියෙන වැදගත්ම ප්‍රයෝජනය තමයි ජංගම දුරකතන හා mp3 player හා බාවිතා කිරීමේ හැකියාවයි. නමුත් ජංගම දුරකතන සඳහා ඇති Speaker බලය ලබා ගැනීමට ජංගම දුරකතනයේ බැටරිය භාවිතා කරනවා. mp3 player වලදී නම් බොහෝ විට පාවිච්චි වන්නේ අතිරේක AAA වගේ බැටරි තමයි.

ඉතාම අලංකාර විදිහට කොපි ඇන්ඩ් පේස්ට් කරලා තියනවා
ReplyDeletehahaha :D
Delete