මරවිණයා වහ වහා සැරැහී පැමිණ රජ්ජුරුවෝ විචාරන්නාහු”කිමෙක්ද මහරජ,නිලකොටපිය මැනැව”යි කීහ.
රජ්ජුරුවෝ ඇඟැ මැළි කඩමින් කියන්නාහු”කොළ නිවටය,වර්ෂ පංචකයකට පෙරැ මා පළමු සිංහාසනාවරණය කෙළවන සමයෙහි මා අට මූල්‍ය වශයෙන් අධාර කළාවූ එක් බුහුටි පුරුෂයෙක් ඇත.ඌ වනාහි රෝෂඅන්ත නමි.ඉදින් ඌ හට කළගුණ සළකාපියන්නෙම් පසුකාලීනවැ මම් හාන්සියත නම් මාඇඟි අඬබෙරයක් ඌ තුමූට පවරා දුනිමි.පසුකාලීනවැ මූ මා අට ද්‍රෝහීවැ සෙන්පෝකයාට අනුග්‍රහ කරන ලදැයි පාරම්පරික ශබ්දයෙන් දැනැපියා මම් භක්ෂිශීලයා ලවා මෙම බෙරය පළවාපීමි.එවක් පටන් කාලානුරූපව මූ අඬබෙර ලෑම නවත්වනු ඇතැයි බලාසිටින්නෙම් සාරමාසයකුත් ඉක්ම ගියේයැ.මූ තවමැ කොරගසමිනුත් අඬබෙර ලවයි.දෙපස පැළි ඇති අඬබෙරයෙන් කිසිදු මිහිරි අඬෙක් නැඟෙන්නේද නැත.මේ නොහොබිනා ක්‍රියාව හේතුවෙන් මම් තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ නිදිවර්ජිතවැ හිඳිමි.තොපි මරසෙන් රැගෙන ගොස් හාන්සියතේ බෙර කඳද පළාපියා තව දුරටත් අඬ නොනැඟෙන පරිද්දෙන් බෙරයට තළන අඩරියන් කොසුමිට ද සොරකම්කොටැ ගෙන වරෙව.”යි නිල කළහ.
මරවිණයාද නිලකළ පරිදිදෙන්ම බෙරකඳ පළාපියා ඉනුදු නොනැවතී ඊට හනසු පුරවා ගිනිලැවූහ.අඬබෙරය රැක සිටි නිරයුධ පුරුෂයින් අට හුණ පත්තෙන් මරවා පිටිකරැ ගැස්වූහ.
පසුදින පහන්වන්නාහාමැ මේ ව්‍යසනය රටවැස්සාටද ආරඤ්චි විය.උන් ඇම ඒඒ තන්හි කියන්නාහු මේ වනාහි රජ්ජුරුවන් විසින් නිල කොටැ මරවිණයා විසින් පරිච්ඡින්න කටැපියන ලද්දකැයි හැඟෙන්නේ යයි කුකුස් ඉපිදැවූහ.
මෙවිට රජ්ජුරුවෝ පොළොස්පතියා කැඳවා කියන්නාහු,”කොළ නරුමය,දැන් ඉදින් මහා ජනයා සමනයකොටැපීම තොපි අතැ කටයුතුය.මම් වනාහි අතිශය බෞද්ධ බැවින් මෙවන් ගැටළු ධර්මානුසාරයෙන් විසඳාපීමමැ කටයුතුය.තොපි දැන්ම ගොස් හාන්සියත ගිනිලැවීම පිළිබඳ ගවේශණයට පොළොස් කණ්ඩායම් ත්‍රිත්වයක් නිලකොටැපියව.”යි කීහ.
මෙවිට රජ්ජුරුවෝ පොළොස්පතියා කැඳවා කියන්නාහු,”කොළ නරුමය,දැන් ඉදින් මහා ජනයා සමනයකොටැපීම තොපි අතැ කටයුතුය.මම් වනාහි අතිශය බෞද්ධ බැවින් මෙවන් ගැටළු ධර්මානුසාරයෙන් විසඳාපීමමැ කටයුතුය.තොපි දැන්ම ගොස් හාන්සියත ගිනිලැවීම පිළිබඳ ගවේශණයට පොළොස් කණ්ඩායම් ත්‍රිත්වයක් නිලකොටැපියව.”යි කීහ.
එකල්හි පොළොස්පතියා තූෂ්ණිම්භූතවැ විචාරන්නාහු”කණ්ඩායම් ත්‍රිත්වයක් කුමක් පිණිසදෑ දේවයන්වහන්සැ?”යි විචාලහ.
”එම්බල නුවණ නැත්තව,මේ වනාහි දේවදත්ත න්‍යායයි.ඉදින් නොදන්නාහු නම් රතුඑළියේ අතනයා සමුවී බුදුන් මැරීම පිණිස දේවදත්තයා දුනුවායන් යෙදැවූ නියා අසාගනුව.මම් වනාහි සියල්ල ධර්මානුකූලවම පරිච්ඡින්න කරමි.”යි රජ්ජුරුවෝ පොළොස්පතියා පන්නාගත්හ
No comments:
Post a Comment