ඔයා මට කවදාවත් ආදරේ කලේ නැද්ද ?
අඩුම ගානේ කවදාවත් එහෙම හිතිලා වත් නැද්ද ?
ඔයා මගෙන් ඇත වෙලා යන්න කලින් මට ඔයාගෙන් අහන්න තිබුනා….
එත් මොනා කරන්නද ඔයා බනියි කියල මට බය හිතුනා ..
ඔයාගේ ඇස් දෙක දිහා හම්බෙන හැම වෙලේම බලන් ඉන්නකොට මට හිතුනේ ඇත්තටම ඔයා මට ආදරෙයි කියල ….
ඔයාගේ හිතත් අරන් මම මහා දුරක් ගියා. අදත් මම ඒ ගමන ගියා ..
එත් හැරිලා බලනකොටයි තේරුනේ මම ගිහින් තියෙන්නේ තනියම කියලා 
No comments:
Post a Comment