Saturday, July 31, 2010

පෝටබල් ස්පීකර් | Portable Speakers

Portable Speakers කිව්වාම ඉතින් විවිධාකාර ඒවා තියෙනවා. MP3 player, ජංගම දුරකතන වගේම ලැප්ටොප් සඳහාද මේ වගේ portable speakers බාවිතා වෙනවා. ඇයි මේ Portable speaker වල අවශ්‍යතාවයක් ආවේ. අපි දන්නවා ඉස්ස‍ර නම් පොකට් රේඩියෝ අහන්නේ එක්කෝ හෙඩ් ෆෝන් එකකින්, නැත්තං අර කන ඇතුලට රිංගවන Ear-bud වලින්.


‍Head Phone නම් ඉතිං solo ගේම් තමා. Ear-bud නම් ‍හෙන ගේමක් දීලා දෙන්නෙක්ට පාවිච්චි කරන්න පුලුවං. ඒත් ඉතිං ස්ටීරියෝ කාගෙන් හරි ඉල්ල ගන්න වෙනවා  sengihnampakgigi  මේකට විසඳුමක් විදිහට තමයි Portable speakers පාවිච්චියට ආවෙ.

Portable speakers සාමාන්‍ය Speaker වලින් වෙනස් වන ගුණාංග කීපයක්ම තිබෙනවා. අපි දන්නවා සාමාන්‍ය ස්පීකර් කට්ටලයකට පිටින් විදුලි බලය ලබා දෙන්න ඕනා. ගොඩක් වෙලාවට ගෘහස්ථ විදුලිය බාවිතයෙන් තමා මේවා බලය සපයා ගන්නේ. නමුත් portable speakers මීට වඩා වෙනස් වෙනවා. ඒවා සම්බන්ධ වන උපකරණයෙන් හෝ Speaker ඇතුලත සවි කල හැකි බැටරි මාර්ගයෙන් එහි Amp එකට බලය ලබාගන්නවා. සාමාන්‍යයෙන් පරිගණකයට සම්බන්ධ වන Portable speaker බලය ලබාගන්නේ USB කනෙක්ටර් එක හරහායි.

ඒ වගේම ස්පීකර වල ප්‍රමාණය සලකද්දි සාපේක්ෂව කුඩායි. Portable කියලා තඩි බෆල් ජෝඩුවක් කරේ තියං යන්න බෑනෙ sengihnampakgigi. ඒ වගේම තමයි Portable speakers ගොඩක් වෙලාවට එන්නේ Stereo speakers විදිහට. portable 2.1 සබ් වූෆර් නම් දැකලා නෑ. (තියෙන්න බැරි කමකුත් නෑ sengihnampakgigi  ඉහත දැක්වෙන්නේ පරිගණකයකට හෝ ලැප්ටොප් එකකට සවි කල හැකි Portable speaker දෙකක්. මෙහි බලය USB port මගින් ලබාගන්නා අතර 3.5mm Audio jack එකක් මගින් Audio signal ලබාගන්නවා.

පහත දැක්වෙන්නේ ජංගම දුරකතන හා mp3 player සඳහා Portable speakers බාවිතා වන ආකාරයයි. මේ‍කෙ phone එකට සෙට් කරලා තියෙන පොඩ් පෙට්ටියේ තමයි Audio Amplifire එක තියෙන්නේ.


Portable speakers වල තියෙන වැදගත්ම ප්‍රයෝජනය තමයි ජංගම දුරකතන හා mp3 player හා බාවිතා කිරී‍මේ හැකියාවයි. නමුත් ජංගම දුරකතන සඳහා ඇති Speaker බලය ලබා ගැනීමට ජංගම දුරකතනයේ බැටරිය භාවිතා කරනවා. mp3 player වලදී නම් බොහෝ විට පාවිච්චි වන්නේ අතිරේක AAA වගේ බැටරි තමයි.



මෙව්වා තමා ඉතිං Portable Speakers ගැන කියන්න තියෙන්නේ. සාමාන්‍ය පරිගණකයකට ගැලපෙන Speaker දෙකක් රුපියල් 400 ඉඳන් ඉහල මිල ගනන් වලට ගන්න පුලුවන්. මේවායේ Sound quality එක පරීක්ෂා කරලා ගන්න පුලුවන්. ඒ වගේම Speaker වල බර වැඩි නම් සාමාන්‍යයෙන් කොලිටි එකත් වැඩියි.

2 comments:

  1. ඉතාම අලංකාර විදිහට කොපි ඇන්ඩ් පේස්ට් කරලා තියනවා

    ReplyDelete