Thursday, September 23, 2010

ebay සහ ලංකාවේ තැපැල් සේවය


අද තමයි එපාම කරපු දවස... ඒත් සදුදා තමයි සිරාම දවස. මොකද මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ coby MP4 Player එක ebay එකෙන් ඇවිල්ල කියල තැපැල් කන්තෝරුවෙන් ලියුමක් ආවා.. ඉතින් අද මාර fun එකේ ගියා ගන්න... කොහේද මන්දා අස්සකට ගියාට පස්සේ මගේ Player එක තියෙන පාර්සලය ගෙනත් දුන්න.. අප්පට සිරි.. ඒක පොලිතින් බෑග් දෙකකම දාලා... ඒ මදිවට තව සීලුත් තියලා ....මාර ආරක්ෂාවක්නේ ලංකාවේ තැපැල් සේවය අපේ බඩු වලට දෙන්නේ...

ඔන්න ඉතින් පාර්සලේ මගේ ඉස්සරහ කැඩුවා.. අප්පට බොල.. මදේ නෑ.. මට පොලව පලාගෙන යන්න හිතුනා...:( :( :( ඒකේ තිබුනේ එක ආපු පැකින් එකයි පොතයි විතරයි... මල හත්තිලව්වයි.. අනිත් ආතල් එක තමයි එවන කොට තිබුන බරයි, ගල්ලට ආවම තිබුන බරයි අතර සෑහෙන්න වෙනසක් තිබීම... ඒකියන්නේ මොකෙක් හරි මේක උස්සල බොරුවට බරක් සදහන් කරල ගාල්ලට එවල....මේව කාට කියන්නද..????

හොද වෙලාවට එක ගත්තෙනම් Top Rate sellerකෙනෙක් ගෙන්.. මෑන්ට පොඩි ෂේප් එකක් දාගෙන මොනව හරි කරගන්න ඕන... මෙච්චර කාලයක් ඉල්ලපු හැම බඩුවක්ම කිසි අවුලක් නැතුව ගෙදරටම ලැබුණා.. ඒත් මේකට තමයි කෙල උනේ....


ඔන්න ඕක තමයි ලංකාවේ තැපැල් සේවයේ හොදකම.. අනිව සිරා බඩුවක් තිබුනොත් උස්සනවා.... මාරයි හොදේ ලංකාවේ තැපැල් සේවය... මේ බව ebay එකේ seller ල හුගක් දන්නව... ඇතැම් අය ලංකාව තුලදී පාර්සල් අතුරුදහන් වීම (චුත වීම ) නිසා ලංකාවට භාණ්ඩ එවීම ප්‍රතික්ශේප කරනවා.. මේකනම් ලංකාවට විශාල කළු පැල්ලමක්...

මේවා ගන්න අය මොන හේතුවක් නිසා අනුන්ගේ පාර්සල් ගන්නවද මන්දා.....???

සරත්ගේ තරු ගැලවීම

මේ රට ලබාගත් යුද ජය යම් පුද්ගලයේක් තනියේන් ලබාගත් දෙයක්ද ගම් දනවු පුරා

ආශිර්වාද පුජා පවත්වපු තම දරුපැට්ය හමුදාවට දුන්නු අහින්සක දෙමාපියාගේ සිට රටේ

ප්‍රදාන පුරවැසියා දක්වා එය අයිති නමුත් ඒකට ප්‍රබල දායකත්වයක් දක්වපු නිලයක තරු

ගලවල දැම්මට කල සේවය මකල දාන්න පුලුවන්ද සමරු ඵලක වලින් නම මකල දැම්මට

කල සේවය සුලු ද? යුද්ධයක ඒක උන්ඩයකින් යුධ ජය තීරනය විය හැක ඒ උන්ඩය

බාවිතයට ගත නොහැකි උනි නම් යුධය පරාජ විය හැකිව තිබුනි නමුත් ඒ උන්ඩය

නොවැදගත්ද? ඒ උන්ඩය පත්තු කරපු කේනා නොවැද ගත්ද? තරු ගැලවා සමරු ඵලක

වලින් නම මකා දැමුවාට සරත් පොන්සේකා හට ජනතාවගේ ගරුත්වය අහිමිද ජනතාවත්

ඔහුව අමතක කරලද ජනතාව ඔහු වෙනුවෙන් කවදාද සාදාරනයක් කරන්නේ

නුඹට ආදරයෙන් කියමි

කතා නොකරන හදවත්...



කතා නොකරන හදවතක් තුල,

කොයි තරම් නම් කතන්දර වෙද...

නොලියවෙන පන්හිදෙන් ලියවුනු....


එකී හදවත මියෙන මතු දින,

මියෙනු ඈත ඒ කතන්දර රෑස......

සුනේ‍ත්‍රාවෝ

මම මේ දවස් වල ගෑණියෙක්ට ආදරේ කරනවා...!!!!!
සැප්තැම්බර් මාසේ සාහිත්‍යමාසය කියලා මං මේ ලියන කීවෙනි වතාවද මන්දා ගණන් ගන්න එපා තාම ප්‍රදර්ශණේට යන්න බැරි උනා ඉතිං තාම ‍උණ හොද වෙලා නෑ.. මේ දවස් වල සහලෝලා උ‍නකින් පෙලෙන ගමන් ඉන්නේ.. ඒ උනාට ‍‍කෂණික සහනය වගේ මේ ටිකේ හිතට වදින හොද පොත් ටිකක් කියවන්න ලැබුනා...එකම ලේඛිකාවකගේ.. මම සාමාන්‍යයෙන් පරිවර්තන නොවන සිංහල පොත් ගන්න වැඩිය කැමති නැහැ.. කාලයක් ඒ පොත් කියවන්නේවත් නැතුව හිටියා ඒත් දැන් හිතෙනවා හරි අපරාදේ කියලා..ඒ අදහස ඇති උනේ මේ පාර පුස්තකාලෙන් ගෙනාව සුනේත්‍රාගේ පොත් ටිකක් නිසා.. මුලින්ම කියෙව්වේ "බත් තරංග". පොතේ පිටිපස්සේ තියනවා බොහීමියානු ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා ඒ ව‍චනේ තේරුම
දන්නේ නැති උනාට පොත නම් මට හොදට අල්ලලා ගියා.. කොළඹ පහමාරේ මිනිස්සු ගැන බත් අම්මාගේ කුරු පුතා මේසේ යටට වෙලා කරන රේඩියෝව දිගේ අපිට කතාවක් විදියට දෙන එක තමයි බත් තරංග පොතේ තියෙන්නේ.. එක හුස්මට කියව‍ගෙන යන්න පුළුවන්.. ඇත්තෙන්ම මම ගොඩක් රස වින්දා....
බත් තරංග වලින් පස්සේ අතට ගත්තේ සුනේත්‍රා‍ගෙම මතක පොත .............................................................
මේක සරළවම තීරු ලිපි පෙලක්.. සුනේත්‍රා එයාගේ ජිවිතේ දවස් ගැන ලියපු.. මතක පොත රාත්‍රීන් ගණනාවක් සුනේත්‍රාවයි මාවයි එකට තිබ්බා... බස්එකේ ඔෆිස් එකේ.. ගෙදර.. හැම තැනදිම මගේ හිතේ ඇවිද්දේ සුනේත්‍රා.. ඒ මං හිතන්නේ මගේ හීන වලට සුනේත්‍රා පණ දීලා හින්දම වෙන්න ඇති.. මේ වෙනකන් මගේ හැබෑ ජිවිතේ ඉටු කරගන්න බැරි ‍උනු දේව
ල් නිදහසේ සුනේත්‍රා ලගා කරගෙන තියෙන හැටි කියවනකොට ඇත්තටම පොඩි ඊරිසියාවක් එක්ක ලොකු සතුටක් ඇතිවෙනවා.. බෑග් එකක් විතරක් අරගෙන තනියම පාරවල් දිගේ ලෝකේ දකින්න යන එක කොයි තරම් සතුටක්ද? ඒ විතරද ඈ රස විදින සාහිත්‍යය...! ඈ ජිවිතේ විදින අ‍පූරුව.. නිදහසේ මිනිසුන් එක්ක ගණුදෙණු කිරීම... මං හිතන්නේ ඒක අපේ රටේ ගෑණුන්ගෙන් බොහොම ටික දෙනෙක්ට විතරක් විදින්න ලැබෙන ‍අඩු පිරිසක් විදින්න කැමති තත්වයක්..! ඇත්තටම ලග හිටියා නම් සුනේත්‍රාව බදාගෙන ලොකූ උම්මා එකක් දෙනවා හැමදාම උ‍දේට අම්මට දෙනවා වගේ.. ‍ඒ තරම් ලොකු ආදරයක් මේ වෙලේ ම
ගේ හිතේ එයා ගැන තියෙන්නේ...මම මෙච්චර වෙලා කිසිම ගෞරවයක් නැතුව සුනේත්‍රා සුනේත්‍රා ගෑවේ මහ ලොකු ගෑණියෙක් වගේ.. ඇත්තටම එහෙම නෑ මං ඇයට ගරු කරනවා ඒත් මං හිතනවා සුනේත්‍රා රාජකරුණා මහත්මිය ම‍ට දැනෙන විදියට වැඩි ගරු නම්බු වලට වඩා සරළ හිතවත් අමාත්‍රණයකට වඩා කැමති ඇති...!

ස්ට්‍රෝබෙරි
අපි ඉතිං හද්ද පිටිසර ඩොටේ ගොඩේ මිනිස්සුනේ.. අපිට කොයින්ද පොශ් කෑම.. ! කිව්වට විශ්වාස කරන්න මං මේතාක් කාලෙකට ස්ට්‍රෝබෙරි කාලා නෑ.. අයිස්ක්‍රීම් වල එහෙම තියන ස්ට්‍රෝබෙරි රස නම් ඈක්කා.. මට පේන්න බෑ.. මං කැමති වැනිලා ‍රසටනේ....! ඒ වුනාට මේ පලතුරු සීසන් එකනේ.. පහුගිය මාසේ එහෙම සීසනල් ‍ෆෘට්ස්.. එහෙම නැත්තං වාරෙකට විතරක් හැදෙන පලතුරු වැඩියෙන් එළියට ආවා දකින්න ඇතිනේ.. මං කටුලොවි කෑවා.. එතකොට ගල්සියඹලා.. ගඩුගුඩා.. දිවුල්.. අලිපේර.. සේරම ජාති ටික කෑවා.. හැබැයි ඉතිං රඹුටන් නම් මිස් උනා.. මොකෝ මේපාර රඹුටන් වාරේ පටන් ගන්නකොටම මට උගුරේ අමාරුවක් ආවානේ.. ඩොක්ටර් අන්කල්ට ලෙඩේ කිව්වා විතරයි එයා ගත් කටට ඇහුවේ මෙයා මේ ටිකේ රඹුටන් එහෙම වැඩිය කෑවද කියලයි.. ඇත්තයි සත්තයි එතකොට මං මේ අවුරුද්දට රඹුටන් ගෙඩියක් අතින් අල්ලලා තිබ්බේ නෑ.. ඉතිං එහෙව් එකේ අර වගේ කතාවක් ඇහුවම දුක හිතෙනවානේ.. එදා එදා ඉදන් මේ වාරෙටම තාම කෑවේ
එකම එක රඹුටන් ගෙඩියයි...! :(
එංගේ පෝරීංග ඇහුවම මල්ලේ පොල් කිව්වා ඇතිනේ..
දැන් ස්ට්‍රෝබෙරි දිහාවට හැරෙමුකෝ..මම කවදාවත් ස්ට්‍රෝබෙරි කාලා නෑ කිව්වනේ..
ඒවුනා‍ට මං එව්වට
හරි ආසයි.. ඒ ලස්සන නිසා.. පාට හා හැඩය නිසා.. ගන්නවා ගන්නවා අරන් කනවා කියලා හිත හිත හිටියට හැමදාම කලේ ඕක පස්සට දාන එකමයි.. ඉතිං අද ටවුන් ගිය වෙලේ පෙට්ටියක් අරන් කෑවා.. ඔන්න ලියලා තියා ගන්න.. වාද්දුවේ මහජන බැංකුව ඉස්සරහදි බස් එක ඇතුලෙදි මං මගේ ජිවිතේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගෙඩියේ රස බැලුවා.. හ්ම්ම්ම්..
වරදක් නෑ.. ඉතිං. හොදා...!




කුමාරොදය
අද අපේ අල්ලපු ගෙදර නංගි ගේ ‍හැපි ‍බර්ත් ඩේ එක.. අනේ පව් එයාට නම් ඉතිං වැඩිය හැපි නැතුව ඇති.. මොකෝ එයාගේ තාත්තිත් රටනේ ඉන්නේ.. ඒ මිනිහා තෑගි එවන්නේ නෑ.. එනකොට ගේනවා විතරයි.. අද උදේ තාත්තිත් එක්ක ස්කයිප් කතාකරද්දි මේ පොඩි එකී තාත්තිට කියලා මට ඉතිං කවුරුවත් තෑගි දෙන්නේ නැහැනේ කියලා..එයාගේ අම්මිට කොහේවත් යන්න විදියක් නෑ මල්ලි බබා තාම පොඩිම පොඩි හින්දා.. ඔය කතාව ‍නගාගේ අම්මා කිව්වේ අද අපි එයාට ගෙනාව තෑග්ග වැට හරහා කිරිබත් ගෙනාපු පිගාන උඩින් නගාගේ තෑග්ගත් තියලා දෙද්දියි.. පොඩි එකී නම් තෑග්ග උස්සන් ගෙට දිව්වා අම්මා අපිත් එක්ක කතාව කිව්වා.. අපිත් ඉතිං ලොකු තෑගි වලට නෙවෙයි පොත් ටිකක් තමා දුනේනේ.. කතා පොතකුයි.. ඩොට් ටු ඩොට් පොතකුයි.. ස්ටිකර් ෂීට් එකකුයි එක්ක කුමාරොදය තියනවා දැකලා එයාට ලබන අවුරුද්දට ඕන කරන පොත ගත්තා.. අර කතාව දැනගෙන හිටියා නම් තව මොන මොනා හරි දෙවනවා.. පව්නේ කෙල්ල..
කොහොම උනත් ඉතිං කාට දෙන පොතක් උනත් මගේ සමීක්ෂණයට භාජනය කරලානේ මම දෙන්නේ.. ඉතිං අර කතාපොතට‍ත් කලින් කුමාරොදයට අත ගියා.. පුරුදු පොතනේ.. ඉස්සර අම්මා මට පොත් සෙට් එකම අරන් දීලා තිබුනා.. දැන් පොත් ඉස්සර වගේ නෑ පිංතූරත් අළුත් වෙලා.. පාට පාට වෙලා.. අපේ කාලේ මට මතකයි මට මතකයි පුංචි කාලේ මං කිවියට තිබ්බේ ආතා මිදුලේ කෝට්ටකින් චිත්‍රයක් අදින පිංතූරයක් නේද? මට මතක එහෙමයි ඒ වුනාට දැන් පොතේ ඒ චිත්ත්‍රේ නෑ.. ඒ වගේ වෙනස් කම් වෙලා.. දැන් ලොකේ දියුණුවත් එක්ක දරුවන්ට ලැබෙන දේවලුත් වෙනස් වෙනවා...! ශෝක්..!

Feedburner සමඟ වැඩ කිරීම – සම්පූර්ණ ලිපිය

මේ ලිපියෙන් Feed Burner  මගින් ලබාගතහැකි පහසුකම් සිදුකරන ආකාරය සවිස්තරව පැහැදිලිකිරීමක් සිදුවේවි.
RSS Feed සම්මත ලාංඡනය
Feed Burner ගැන විස්තර කරන්න කලින් Web Feed ගැන හැඳින්වීමක් කරන්නම්. RSS මෙන්ම Atom යන නම් වලින් වර්ග 2ක් තිබුනත් වඩාත් ජනප්‍රියම වර්ගය වන්නේ RSS. මෙම Feed, Web 2.0 සමග පැමිණි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවක් ලෙස හැඳින්විය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය නම් අපට කාලය ඉතිරිකරගෙන, වැයවන දත්ත ප්‍රමානය අඩුකරගෙන අප කලින් දායකත්වය ලබාගෙන ඇති අඩවි වල අන්තර්ගතය යාවත්කාලීන වූ වි‍ට ඒවා සියල්ලම එකම ස්ථානයකදී කියවිය හැකි වීමයි. තවත් පැහැදිලි කරනවා නම් අප බ්ලොග් අඩවි 5කට දායකත්වය ලබාගත්තේ යයි සිතමු. එවිට අපට ඒවායේ අලුත් ලිපියක් පලවූ විට ඒවා අදාල බ්ලොග් අඩවි වලට පිවිසීමකින් තොරව කියවීමට හැකිවේ. මෙය Google මගින් ලබාදෙන Google Reader භාවිතා කරමින් ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්. එසේ නැතිනම්  Firefox මගින් ද නැතහොත් මේ සඳහා විවිධ මෘදුකාංගයන්ද අන්තර්ජාලයෙන් සොයාගත හැකියි. ක්‍රම කිහිපයක් කෙටියෙන් විස්තර කරන්න.

Google Reader භාවිතා කරමින් -
මේ සඳහා මුලින්ම  http://www.google.com/reader/ වෙත ගොස් එහි වම්පස ඉහල ඇති Add a subscription වෙතට ඇතුල්වීමට අවශ්‍ය අඩවියේ ෆීඩ් ලිපිනය ලබාදීම කලහැකියි.
Google Reader වල‍‍ට නව Feed ලිපිනයක් ඇතුලත් කිරීම
Firefox භාවිතා කරමින් -
පලමුවෙන්ම Feed ලිපියන සොයාගන්න ඕන. ඒක දීල තියනවානම් අවුලක් නෑ. ;)
Blogger බ්ලොග් එකක් නම්
http://example.blogspot.com/feeds/posts/default (Atom Feed එක)
හෝ
http://example.blogspot.com/feeds/posts/default?alt=rss (RSS Feed එක)
WordPress බ්ලොග් එකක් නම්
http://example.wordpress.com/feed/ (RSS Feed එක)
හෝ
http://example.wordpress.com/feed/atom/ (Atom Feed එක)
Selfhosted වුනත් මේ ආකාරයටම තමයි
Eg – http://www.example.com/feed/
http://blog.example.com/feed/
මේ ආකාරයට Feed ලිපිනය සොයාගත් පසු ඒ වෙත ගොස් ඉහල ඇති Subscribe to this feed using යන ස්ථානයේ Live Bookmarks යනුවෙන් ලබාදී Subscribe now ක්ලික් කරන්න. එවිට එම පෝෂක වලට දායකවෙන්න පුලුවන්.
Firefox මගින් දායක වෙමු.
ලබාදී ඇත්තේ Feedburner ආශ්‍රයෙන් නම් එහි අගට ?format=xml එක් කල යුතුයි. නැතිනම් View Feed XML ක්ලික් කරන්න.
උදා -http://feeds.feedburner.com/WorldOfGeeth?format=xml
ඔය විදියට තමයි Web Feed එකකට දායක වෙන්නේ.. පුලුවන් කස්ටිය මගේ Feed වලට දායක වෙලා අත්හදාබලන්න. :P :D

Feedburner ගැන

Feedburner කියන්නෙ Google සමාගමෙන් ලබාදෙන සේවාවක්. මෙයින් අපේ වෙබ් අඩවියක ඇති Feed වලින් තවත් විවිධ පහසුකම් එම Feed වලට දායක වී සිටින අයට ලබාදෙන්න පහසුකම්සලසා දෙනවා. ඒ පහසුකම් මොනවද කියල මේ ලිපියෙ ඉදිරියේදී පැහැදිලි වේවි.
Feedburner වල ලියාපදිංචි වෙන්න ඕනද ?
නැහැ. අපේ Google Account එකට (ජීමේල් වලට) යොදාගන්න මුරපද ආදිය යොදාගෙන ඇතුලුවෙන්න පුලුවන්.

අපේ බ්ලොගයෙ/අඩවියෙ Feed, Feedburner හා සම්බන්ධ කිරීම.

  • Feedburner වලට ඇතුලු වු පසු පහත ආකාරයේ ස්ථානයක් දක්නට ලැබේවි.
එහි ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ඇතුලත්කොට I am a podcaster ස්ථානයට √ ලකුණ දාලා Next Click කරන්න. ඇතුල්කල ලිපිනයේ Feed ලිපිනයන් සොයාගනු ඇත. ඒ ලිපිනයන් කිහිපයක් තිබුනහොත් එයින් එකක් තෝරාදෙන්න. Next click කරන්න. Feed Title හා Feed Address ලබාදෙන්න. Feed Title → මාතෘකාව/නම, Feed Address → භාවිතයට අපේක්ෂිත Feedburner ලිපිනය යොදා Next Click කරන්න.
 
  • දැන් ඔබේ Feed සූදානම් යයි පනිවිඩයක් ලැබේවී‍. එය Next කර ඉදිරියට යාමෙන් iTunes හා සම්බන්ධකිරීමේ Options ලැබේ. මේ ලිපියෙන් ඒ ගැන අවධානය යොමු නොවන නිසා කැමතිනම් Include iTunes podcasting elements සලකුනු නොකර ඉදිරියට යන්න.
  • දැන් වැඩ ඉවරයි.. වැඩ ගන්නයි තියෙන්නෙ. (rofl)
නැවත Feedburner මුල් පිටුවට පැමිණි විට ඔබේ බ්ලොගයේ ඇතුලත්කල Feed ලිපියන දක්නට ලැබේවි. මේ ආකාරයට,එහි අදාල Feed ලිපිනයේ නම මත ක්ලික් කර ඇතුල්වන්න‍. Analyze Tab එක වෙත යොමුවේවි. මෙයින් අපට දැනට අපගේ Feed  විවිධාකාරයෙන් කියවන්න් පිළිබඳ විස්තර බලාගත හැක. එහි වම්පස Sidebar එකක් දක්නට ලැබේවි



ඉහත රූපයේ රතු පැහැයෙන් දක්වා තිබෙන්නෙ මේ Sidebar එක.
එහි,
Subscribers යටතේ ඔබ Feed සඳහා දායක වන්නන් පිළිබඳ විස්තර, භාවිතාකරන මෘදුකාංග වැනි විස්තර නැරඹිය හැක.
Item Use යටතේ ඔබ Feed සඳහා දායක වන්නන්ගෙන් Feed කියවීමෙන් ජනප්‍රිය ලිපි වැනි තොරතුරු බැලිය හැක.
Map Overlay යටතේ ඔබ Feed සඳහා දායක වන්නන් කියවන්නේ කුමන රටක සිටද යන්න සිතියමක් ආස්‍රයෙන් බැලිය හැක..
Uncommon Uses යටතේ ඔබ Feed සඳහා දායක වන්නන් අඩු වශයෙන් කියවූ දායකවන්නන් බැලිය හැක.
Export: Excel • CSV – ස්ථාන වලින් මේ විස්තර Excel හෝ CSV මාදිලි වලින් බාගතකරගත හැක.
Optimize Tab
මෙහි ඇති වැදගත් Option කිහිපයක් විස්තර කරන්නම්.
Convert Format - ඔබේ Feed, RSS මෙන්ම Atom 2න් කැමති එකක් බවට පරිවර්තනය කරගත හැක.
Summary Burner – ඔබේ Feed කියවනයන්, හා ඊ-මේල් දායකත්වයන් ලබාගෙන ඇති අය වෙත සාරාංශයක් ලෙස යැවිය හැක. මෙය මගින් අඩවිය වෙත පැමිනෙන්නන් තරමක් දුරට වැඩිකරගත හැක. Maximum length: ස්ථානයට සාරාංශයේ දැක්විය යුතු අකුරැ ගනනද, Teaser: ස්ථානයට [ සාරාංශයක් පමණයි. සම්පූර්ණ ලිපිය කියවීමට බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න ] වැනි දෙයක් ලබාදිය හැක. මෙය ලිපියේ සාරාංශය අවසානයේ දිස්වේ. Save Click කරන්න.
අමතරව BrowserFriendly හා SmartFeed යන Options ද Active කිරිම සුදුදු වේ..
Publicize Tab
මේ ටැබ් එකේ තමයි වැඩ තියෙන්නෙ. එහි Sidebar එකේ ඇති Option විස්තර කරන්නම්.

Headline Animator

මේකෙන් ලස්සන Animate වෙන බැනර් එකක් විවිධ ප්‍රමානයන්ගෙන් ලබාගන්න පුලුවන්. අපේ අඩවියෙ වගේම වෙන වෙබ් අඩවි වලත් ඇතුල්කරන්න පුලුවන්. මේ තියෙන්නෙ උදාහරණයක්.
Tech Blog


 
Theme ස්ථානයෙන් කැමති ප්‍රමාණයක්/වර්ණය තෝරාගෙන පහලින් අවශ්‍ය දේ තෝරා වර්ණ ලබාදී Active බොත්තම Click කරන්න. Add to ස්ථානයෙන් ඔබගේ සේවාව හෝ Other තෝරා HTML කේතය ලබාගන්න. එතැනදී Include a “Grab this” link යන්නතේරැවහොත් ඉහත උදාහරනයේ මෙන් Grab this ලෙස ලින්ක් එකක් එකතු වේ. මෙයින් කියවන්නන්ට අවශ්‍ය නම් එය ඔවුන්ගේ අඩවි වලටද ඇතුලත් කරගැනීමට කේතය ලබාගත හැක. මෙහිදී සිංහල යුනිකේත අකුරැ නිවැරදිව දර්ශනය නොවේ…

BuzzBoost

මෙයින් අපට වෙනත් ස්ථානයක අපගේ Feeds වල ඇති දේ ඇතුල්කිරීමට අවස්ථාව සැලසේ.. උදාහරනයක් ලෙස මගේ Feed මේ ආකාරයෙන් පහතින් ඇතුල්කරන්නම්.

  • ඉහත Bullets මගින් දිස්වන්නේ මෙලෙස ලබගත් Feed අන්තර්ගතයක්. වෙනසක් හොයන්න අමාරැයි. මෙහිදීත් අදාල සැකසුම් සකසා Active Click කර අදාල කේතය ලබාගත හැක. ඔබේ නිවාස පිටුවේ බ්ලොගයේ අන්තර්ගතයන් දක්වන්න හොඳ ක්‍රමයක්.

    Email Subscriptions

    මේ සේවය Feedburner මගින් ලබාගතහැකි ප්‍රධානතම සේවාවක්. මෙයින් අපගේ Feed හි නවතම යාවත්කාලීනවීම් කියවන්නන්ට e-mail මගින් කියවීමට සැලැස්විය හැකියි. ඉහත Feed සාරාංශ කිරීම මෙයට අදාලයි. පලමුව Active බොත්තම Click කර මෙම සේවාව සක්‍රීය කරගන්න. එවිට පලමුව දැක්වෙන තරමක් විශාල කේතය වන්නේ පහත ආකාරයේ Subscribe box එකකටයි.
    Enter your email address: Delivered by FeedBurner
    දෙවනුව දැක්වෙන කෙටි කේතය මගින් ලැබෙන්නෙ Subscribe Link එකක්. පහත විදියට
    Subscribe to Geeth’s Blog | ගීත්‍ ගේ වියුණු සටහන් by Email
    මේ විදියට දැම්මම මේකට කවුරැහරි එයාලගේ e-mail ලිපියන යෙදුවිට එයාලට මේල් එකක යනව ඒක තහවුරැ කරන්න කියල. ඒ මේල් එක ෙවනස් කරන්න පුලුවන් සයිඩ්බාර් එකේ  Email Subscriptions වලට ගියාම ඒ යටතේ තියන Communication Preferences වලින් පුලුවන්.
    Email Branding – යාවත්කාලීන ඊ මේල් වලින් යැවීමේදී එහි Subject, Fonts, Colors වගේ දේවල් වෙනස් කරන්න.
    Delivery Options -  යාවත්කාලීන ඊ මේල් වලින් ලබාදිය යුතු වේලාව සෑදීමට

    FeedCount

    මෙයින් දැනට අපේ Feed කියවන්නන් සංඛ්‍යාව දක්වන්න පුලුවන්. වර්ණ හා මෝස්තරය තෝරා code එක ලබාගන්න. පෙරදැක්ම -

    Socialize

    මෙයින් ඔබේ Feed ටුවිටර් ගිණුමට ස්වයංක්‍රීයවම ඇතුල්කල හැක. Add a twitter account මගින් ඔබේ ගිණුම හා සම්බන්ධකර පහලින් වෙනස්කම් සිදුකර Save කරන්න.

    Chicklet Chooser

    මෙයින් ඔබේ අඩවියේ කියවන්නන්ට දායකවීමට ප්‍රසිද්ධ අඩවි වල image ලින්ක් ලබාගත හැක. අවශ්‍ය ලාංඡනය තෝරා පහලින් කේතය ලබාගන්න.

    Creative Commons

    ඔබ දැනට බ්ලොගයට හරහා බලපත්‍රයක් ලබාගෙන තිබේනම් එයම Feed හි ඉහලින් ඇතුල් කිරීමට මෙය යොදාගත හැක.

    Password Protector

    තම Feeds මුරපදයක් භාවිතයෙන් ආරක්ෂාකර ගැනීමට යොදාගත හැක. සක්‍රීය කල පසු එම Feeds load වන විට මුරපදය විමසන අතර එල ලබා නුදුනහොත් Feeds දර්ශනය නොවේ..

    Monetize Tab
    ඔබ මේ භාවිතාකරන Feedburner Google Account එකට සක්‍රීය AdSense ගිණුමක් තිබේනම් ඔබේ Feeds තුලද දැන්වීම් ප්‍රදර්ශනය කර යම් මුදලක් උපයාගැනීමට පුලුවන්‍.
    Feedburner වල  Publicize Tab එකේ තමයි ගන්න දේවල් ගොඩක් තියෙන්නේ… ඒ වගේම දායකත්වය ලබාගෙන ඇති අයගෙ විස්තර බලන්න පුලුවන් Analyze Tab එකේන්.
    ඔයාල කැමතිනම් මගේ FEEDS වලටත් දායක වෙන්න. ;)

Saturday, September 4, 2010

චිංචි මානවිකාටට ගල් ගහලා මැරුවේ නැත්තේ ඇයී?

චිංචි මානවිකාව පට්ට වේසියකී. ඒ පට්ට වේසී, ඒක එකාගේ පුරුශ ලිංගය කටින්ද, වමතින්ද, දකුනතින්ද, පශ්චාත් ප්‍රදේශයෙන්ද, ස්ත්‍රී ලිංගයෙන්ද සම්බාහනය කරමින් සිට පැමින, “මා බුදුන්ගේම දරුවා වදන්නේය”, “බුදුන්ගේ පුරුශ ලිංගය පහුගිය අමාවක මාගේ ස්ත්‍රී ලිංගිය ඇතුලේම වන්නේයැයී” කියමින්, අප මහා බුදු රජානන්ට මහා අපහාස කලේය. එසේ අපහාස කරේ පන්සලේ නොව, බෝදියේ නොව, හන්දියේ නොව, හන්දියේ බුදු පිලිමේ ලග නොව, අප මහා බුදු පියානන්ගේ ධර්ම ශාලාව ඉදිරිපසම ඉද, දුලු පිලීන් වසා ගත් තනය සොලවමින්, නිතබ නටවමින්, මාපටගිල්ලෙන් පොලව හාරමින්, යන එන උපාසක උපාසිකාවන්ට ගතු කියමින් බුදුන්ගේ මූනටම අපහාස කලේය.  ඒ අපහාස ඇසු ගම්මුන් බුදුන්ට දානය දීමෙන් පවා වැලකී සිටියේය. බුදුන් නිරාහාරව සිටියේය. එසේ අපහාස කල පට්ට වේසිට ගල් ගසා නොමැරුවේ ඇයීදැයී මට ගැටලුවක් ඇති වී ඇත.

එදා රජු දවස පිටකොටුවේ, බුදු රුව සහිත යතුරු එල්ලනයන් විකුනූ වෙලෙන්දන් දෙදෙනෙකු රාජ පුරුශයන් විසින් අල්ලා පියා, බරපතල වැඩ සහිතව වසරක කාලයකට සිපිරි ගෙදර යැව්වේය. බුදු පිලිම සහිත යතුරු එල්ලනයන් මහ ලොකු දෙයක් නොවේය. පහල ගොඩේ සිරිමලාගේ බයීසිකලේ යතුරේද එකක් එල්ලා ඇත්තේය. හැටට හැත්තාවට හෙල්මට් නැතිව කගවේනා වාගේ ඌ පියාබුවාට, මේ වෙනකම් අනතුරක් වී නැත්තේ ඒ ආරක්ශාව නිසා කියායී ඌ කියන්නේ.

යතුරු එල්ලනයන් විකිනුවාට සාමාණ්‍ය දඩුවම්ක් නොව, බරපතල වැඩ ඇතිව අවුරුද්දකටම හිරේ දැමීම විශිෂ්ඨය. බෞද්ධයන් වශයෙන් අපි සැමෝම සාදු කාරයක් දී ඒ පුන්‍යක්‍රියාව අනුමත කර ආඩම්බරයට පත් විය යුතුය. ධම්ම පදයේ කියා ඇත්තේ, “අපහාසයේ යෙදුනේ පිරිමියෙක්ද, ඒ පිරිමියාගේ අත් දෙකම කපා දමනු”  කියාය. සිගාලෝවාද සූත්‍රයේ කියා ඇත්තේ, “අපහාසකල උන් අල්ලා මද ගින්නේ තම්බන බවය. උන්ගේ හම ගින්නෙන් ගැලවුනු හැම වතාවකම, අලුත් හමක් මවා, අනන්තය දක්කවා පුලුස්සන බවය. බුදුන් ශේෂ්ඨයී. විශිෂ්ඨයී. උන්නාසෙට සාමයම ලැබේවා.” කරනීයමෙත්ත සූත්‍රයේ කියා ඇත්තේ, ඒ උදවියව “අපායේ ගින්දර දල්වන්න දර කොටන් වශයෙන් යෙදා ගනි” කියලාය. උන්ට “උනුවතුර පොවා, ගින්නේ පුලුස්සන” බවය. “ගින්නේන් තැනු ඇදුන් අන්දා, නටන වතුරෙන් නාවන” බවය.  බුදුන් ශේෂ්ඨයී. විශිෂ්ඨයී. උන්නාසෙට සාමයම ලැබේවා.

නමුත් මට තවමත් ඇති ගැටලුව, යතුරු එල්ලනයක් විකිනුවාට වසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවමක් දෙනවානම්, සහගහන අපහාසයක් කල ච්න්චිමානවිකාවට අඩුම ගානේ ගල් ගසා මැරුවේවත් නැත්තේ මොකද කියලාය. මිනී මැරීමට වතාවක් නොව, දෙවතාවක් නොව, තුන්වතාවක්ම තැත් කල දෙව්දත්තර පර බල්ලාව අල්ලා කෑලි කෑලි කපා මැරුවේ නැත්තේ මොකද කියලාය. උගේ හිසට උනුවතුර වක්කරේ නැත්තේ මොකද කියලාය. බුද්දාගමේ කියා ඇති පරිදීම්, දැඩි දඩුවම් දී උගෙන් ගරු සත්කාර ලබා ගත්තේ නැත්තේ මොකද කියලාය.

කටු ගහලා වද දුන්නා කීම පට්ට පල් බොරුවක්. ඇත්ත හෙලි වෙලා! මෙන්න ඇත්ත!

පහුගියෙ දොහේ සව්දි ගියපු කබුරුපිටියේ ආරියවතී තමාගේ ඇගේ කටු ගහලා වද දුන්නායැයී කියලා කරපු මහා කලබැගැනීය, කදෙන් බුදුරුවක් පහල වුනු මහා බෝදී රාජයා වාගේම, මුදල් උපයා ගැනීමට ගෙතූ පට්ටපල් බෝරුවක් බව දැන් හෙලිවී ඇත. සවෞදී රජය ප්‍රකාශ කර සිටින්නේ, මේ කතා වස්තුව, මුදල් ගරා ගැනීම සදහා ගෙතූ පට්ට පල් කුමන්ත්‍රණයක් බවයී. මේ ගැනු මනුස්සයා රාජකාරි කොරාපු නිවසේ අසල්වැසියෙකු, කිසිම පැමිනිල්ලක් කර නැති නිසා, මෙය බොරුවක් බව ඔප්පු වී තිබේ. බොරුවෙන් වංචාවෙන් දානපතියෙකු වූ ආරියවතී දැන් සෞදියේ තෙල් ආකරයක හිමි කරුවෙකූ වාගේ, රාත්‍රී ආහරය සදහා තම්බාපු බිත්තරයක්ද, උදේට සීනි දාලා තේද, දවල් බතට සාලයන්ද කන බව හෙලිවී තිබේ. ඒ මදිවාට ඊයේ සළුසලෙන් අලුත් චීත්ත රෙද්දකුත් මිලදී ගෙන ඇත. මෙච්චර කාලයක් රෙදී හේදීමට සන්ලයීට් කැට බාගයක් තේක්කවත්තේ කඩේන් මිලදී ගත්, ආරියවතී, පලමුදා සම්පූර්ණ සබන් කැටයක්ම පොතේ ගානට මිලදී ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ශය මේ පිලිබද අදහස් දක්වමින් කියා සිටින්නේ, මෙය රාජකාරි හරි හැටි ඉටු නොකිරීම පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා රඟ දක්වන ලද නාට්‍යක් බවය. බටහිර කුමන්ත්‍රණ හමුවේ නොසැලෙන අපේ රජය, සෞදී රජයේ මේ සොයා ගැනීම ගැන ප්‍රකාශ කරේ, “ඕක ඔය දේශද්‍රෝහී බටහිර පබයෙකු වෙන, ලමයීනුත් නැති, රැවලක්වත් නැති, වැඩ බැරි, රනිල් ගේ වැඩක් බවය.” සරත් දෝහියා (පර බල්ල, පට්ට වේසිගේ පුතා) එල්ලා අවසන්වූ කල ඔය සියලු ප්‍රශ්ණ නිරාකරණය වෙන බව අති උත්තම ගෝඨාබය රාජපක්ශ උත්තමයාගේ අදහසයී.   


ඒ කෙසේ නමුත්, සැරින් සැරේ මැද පෙරදිග ගිය මිත්‍යාදුශ්ඨිකන්, තමාට වද දුන්නායැයී කියා කෙදිරි ගාන්නේ මොකදැයී මට කාලෙක පටන් ගැටලුවක් තිබුනි. මිත්‍යාදුශ්ඨිකයන් මෙසේ කන්නලව් කලාට, අල්ලා දෙවියන් පිලිගන්නා යහපත් උදවිය කවදාවත් එලෙස නහයෙන් අඩනවා මම අසා නැත. මාගේ මිතුරෙකූ කීවේ, මිත්‍යාදුශ්ඨිකයන්ට වහලුන්ටත් වඩා පහත්ව සැලකිය යුතු ආකාරය සහ වද දී මැරිය යුතු ආකාරය කුරානයේ කියා ඇති බවයී. නමුත්, ඉස්ලාම් ආගම “සාමය” සදහා වූ ආගමක්ම බව මම දන්නා හෙයීන්, ඔය බොරු කතා මම පිලිගන්නේ නැත. මාගේ මිත්‍රයා අමුලික බොරු කාරයෙකූ බව මට හෙලිවූයේ, “පුපුරාගෙන මැරෙන මුස්ලිම් උදවිය, තමාගේ පයී මඩිස්සලේ රෙදිවලින් ඔතාගෙන ඉන්නා” බව මට කී විටය. ඒ, අල්ලා දෙවියන් වෙනුවෙන් මිත්‍යාදුශ්ඨිකයන් මරා, දෙව්ලොව ගිය කල හතර හතේ කන්‍යාවන්ට හුකාගෙන හුකාගෙන යාමට මඩිස්සලේ පරිස්සම් කරගත යුතු නිසා බවයී උන්දෑ කීවේ. මාගේ මිත්‍රයාගේ බොරුව අතේ පත්තු වුනී. “සාමය” සදහාම වූ මුස්ලිම් උදවිය, මිත්‍යාදුශ්ඨිකයන් මැරීමවත්, මරාගෙන මැරෙන්නේවත් නැති බව උන්දෑ දැන සිටියේ නැත. කියන්නම් වාලේ බොරු කීවේය. ඒ මදිවාට සෞදීරටේ කිසිම අන්තවාදියෙක් හෝ ත්‍රස්තවාදියෙක් නැති බවද, සෞදී රටෙන් කිසිම අන්තවාදියෙකු හෝ ත්‍රස්තවාදියෙකු බිහිවී නැති බවද, මිත්‍යාදුශ්ඨිකයන් මැරීම සදහා සෞදීරටෙන් මුදල් සම්පාදනය නොකරන බව මගේ මිතුරා දැන සිටියේ නැත. ඒ නිසා මේ වද දීමේ කතා, පට්ට පල් බොරු බවට හන්කාසියක සැකයක් නැත.

ලෝකයේ උතුන්ම ජාතිය වෙන අපි, මේ වාගේ දේවල් හමුවේ නොසැලිය යුතුය. සෞදී ගොහින් මුදල් හෙව්වේ නැත්තම් අපිට වෙන්නේ සුද්දන්ට ජංගි මහන්නය. අපේ වෙරලේ තොටේ ලංකට් ඇදන් සුද්දන්ට අව්ව තපින්න දෙන්නය. උන්ගේ කකුල් සම්බාහනය කරන්නය. උංගේ රෙදී හෝදන්නය. සුද්දන් පර බල්ලන්ය. අපේ කාන්තාවන් මැද පෙරදිග යවා, අපේ ජාතිය ගොඩ නගමු. වීරත්වය ලොවට පෙන්වමූ. බටහිරට යටත් නොවෙමූ.

සිංහලයන් වීර ජාතියකී. විහාරමහාදේවී, අනුලාදේවී, සෝමාදේවී වාගේ වීර කාන්තාවන් අපේ ජාතියේ පිනට පහල වී, අපේ ජාතිය ශක්තිමත් කලේය. බේරා ගත්තේය. ඒ වීර කාන්තාවන් කවදාවත් බයෙන් පස්සට ගියේ නැත.  අපේ වීර ජාතිය වෙනුවෙන් කලයුතු කොටස නිසි පරිදි ඉටු කලේය. අතීතයේ ඒ වීරෝදාර සිංහල මෑනිවරුන්ගේ අඩි පාරේම යමින්, අද දවසේත් අපේ කාන්තාවන් අපේ රට වෙනුවෙන් කලයුතු යුතුකම් ඉටුකරන්නේ අඩුවක් පාඩුවක් නැතුවය. අපේ කාන්තාවන් යූතුකම යනු කුමක්දැයී හොද හැටි දනී.
නමුත් බටහිර හැත්ත (තූ.. තූ.. නොදකින් පට්ට වේසිගේ පුතාල) යුතුකම් කුමක්දැයී කියා දන්නේ නැත. උන් දන්නේ අයීතිවාසිකම් පමනි. උන් හැමදාම කත් අදින්නේ අපේ රට විනාස කිරීමටය. මේ ඇන්ජීඕ හැත්ත එකතු වී සව්දි එම්බසිය ඉස්සරහ අයීතිවාසිකම් ඉල්ලා උද්ගෝශණයේය. සව්දී යෑම තහනම් කරන්නලු. (අනේ හත්තලාමේ මුන්ට තියෙන ඊරිසියාවේ තරම බලාපල්ලාකො). මා අපේ කාන්තා පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ, මේ බටහිර හැත්තගේ කුමන්ත්‍රණ වලට නොරවටී, රට ජාතිය ගැන තකා, නිර්භීතව මැද පෙරදිග ගොස් රැකියා කරන ලෙසය. රටට ජාතිය අවශ්‍ය මුදල් උපයා ලංකාවට එවන ලෙසය.

අපේ රටේ නොමිලේ උසස් අධ්‍යාපනයය. ඒ අධ්‍යාපනය ලැබූ උදවියට නොමිලේ රැකියාද පඩි නඩිය. මෙවා කිරීමට අපිට මුදල් අවශ්‍යය. අපේ මෑනියන්ලා අතේ පයේ කට්ටක්, ඉදිකට්ටක් ගැහුවා වාගේ පොඩි පොඩි දේකට භීතියට පත් වුනෝතින් රජයේ සේවකයන්ගේ ලමුන් බඩගින්නේය. හම්බන්තොට වරාය විවුර්ත කිරීමේ අති මහා මහෝත්සී උත්වයට කෝඩි දාන්නවත් මුදල් ලැබෙන්නේ නැත. අනේ හප්පේ ඇමතිලාට කන්න දෙන්නත් ඕනෑ නේද? අපේ රටට අවශ්‍ය මුදල් හදල් අපි කොහෙන් කියලා හොයන්නද?

සුද්දන්වත් මවිතයට පත් කරන, අපේ වසර දහස් ගනනක් පැරනී අපේ ප්‍රෞඪත්වය ලොවට ප්‍රකාශ කරමූ. මැනීයනී, අපේ දීර වීර සිංහලයාගේ හැකියාව ලොවට පෙන්වමූ. බිය නොවව්. මැද පෙරදිග ගොස් ඩොලර් හොයා ලංකාවට එවව්. ජාතික ජම්මයක් හැදියාවක් නැති අශීලාචාර, දුශ්ශීල, මහමගත් රතිකෙලියේ යෙදන බටහිර ගෑනුන්ට, අපේ මෑනියන්ලාගේ අවංක කැපවීම පෙන්වව්.

ලංකාවේ නීතී ක්‍රමයට අනුව ඔබේ අම්මා පට්ට වේසියෙකු වන්නේ කෙලෙසද?

ලංකාවේ ඉපදෙන්න පව් කරන්න ඕනෑය. එසේ මෙසේ පව් නොවේ, බොහෝ බරපතල පෙර පව් කල යුතුව ඇත. මා එලෙස කියන්නේ, මදුරු කරදරය නිසාවත්, බඩු මිල නිසාවත්, රාජ්‍ය සේවයේ අක්‍රමවත් බාවය නිසාවත්, නොවේය. ඒ සියලු දේම, සාමාන්‍ය එදිනෙදා ප්‍රශ්ණය. මා එලෙස කියන්නේ ලංකාවේදී, ඔබේ අම්මා ලංකාවේ නීතිය අනුව පට්ට වේසියෙකු නිසාය. ඒ පදනම යටතේ තෝ වේසේගේ පුතෙකු නිසාය.



ඇමරිකාවේ චිත්‍රපටි බලා, දේශීය සදාචාරය අමතක කරගත් මාගේ සමහර මිත්‍රයන් කියන්නේ, “වැරදිකරු යැයී ඔප්පු කරන තෙක් ඕනෑම පුද්ගලයෙකූ නිර්දෝශී බවය”. (Innocent Until Proven Guilty). බොහෝ දෙනෙකු නොදන්නා කාරනය වන්නේ, ලංකාවේ නීතී ක්‍රමයට අනුව, අපි සැමෝම නිර්දෝශීයැයී ඔප්පු කරන තෙක් වරද කරුවන් වෙන බවය. වරද ඔප්පු නොකර, සැක පිට පමණක් වැලිකඩ යැවිය හැකි බවය. නිවරදිකරු බව ඔප්පු කර නිදහස් වීම, සැකකරුගේ යුතුකම බවය.


ත්‍රස්තවාදීන්යැයී සැක පිට දෙමල කොල්ලන්ව අල්ලා හිර බත් කන්න දෙන්නේ මේ ප්‍රතිපත්තිය අනුවය. විටින් විටේ, නඩු අසා නිදහස් කරන ලෙස හෝ දඩුවම් කරනල ලෙස ඉල්ලා ඒ දෙමලුන් උපවාස (උපවාස හූ හූ! අපි නොදන්න උපවාස) කරන්නේ ඒ නිසාය. දෙමලුන්ට මොනවා වුනත් මොකද. ඔය දෙමලූ ගැන අපි කොහොමත් ලොකුවට තකන්න ඕනෑ නැහැ.


පහුගිය වංගියේ කාන්තාවක් වසර විස්සක් නඩුත් නැතිව, බඩුත් නැතිව, සැක පිට හිරබත් කැව්වේ, තමා වැඩකාරකම් කරාපු ගෙදර නෝනා මරන්න ඇතෙයී කියන සැකේටය. පස්සේ ඔන්න ඔය බටහිරට ගැතිකම් කොරන ඇන්ජීඕ හැත්ත මානව හිමිකම් කැඩුවායැයී කියා ඒ ගෑනිව එලියට අරගෙන තිබුනා. හැබැයි ඉතින් වැඩකාර ගෑනියෙක්නේ, ඒ නිසා අපි ඒ වැඩකාර ගැනූ ගැන කොහොමත් ලොකුවට තකන්න ඕනේ නැහැ.


ඔන්න පහුගිය දොහේ සදලාල් ජයවර්දන කියලා සිංහල කොල්ලෙකු වසර හතහමාරක් සැකපිට හිරගෙදර තියාගෙන හිටියේ මේ ප්‍රතිපත්තිය අනුවය. ඔන්න ඇන්ජීඕ හැත්ත ඒකව නිදහස් කරගෙන ඉන්නේ දැන්. ඒ කොල්ලා ඔය ගම්පලාතක දුප්පත් එකෙකී. අපි ඔය ගමේ බයීයලා ගැන කොහොමත් ලොකුවට තකන්න ඕනේ නැහැ.


ඔබේ අම්මා පට්ට වේසියකැයී කියා පොලීසියට ඕනෑම අවස්තාවක සැකපිට අත්තඩංගුවට ගැනීමටත්, පට්ට වේසියෙකු නොවනබව ඔප්පු වෙනතෙක්, පට්ට වේසියකැයී ඔප්පු නොකර, හිර බත් කැවීමේ හැකියාව ඇත. හැබැයී ඉතින් එහෙම වෙන්නේ පෙර කල පව් තිබුනෝතිනේ. පෙර පිං ඇති මම මක්කටයී, පෙර පව් ඇති උදවිය ගැන වද වෙන්නේ.